හෙන්රි කල්දේරා
- Adminsmulestar Srilanka
- Feb 28, 2017
- 1 min read

හෙන්රි කල්දේරා මහතා ඉපදුනේ 1937, අගෝස්තු 19 වෙනිදාය. ඔහු උපතින්ම අන්ධ පුද්ගලයෙකු නොවේ. ඒත් අවාසනාවකට ඔහුගේ වයස 14 දී සම්පූර්ණයෙන් දෑස් අන්ධ විය. ඒ නිසා සීදුව අන්ධ විදුහලට ගොස් ඉගෙනගැනීමට සිදුවිය.
ගුවන්විදුලි කලාකරුවෙකු ලෙස 1968 දී ඔහු සමාජය හඳුනාගත් අතර 1972 දී ඔහුගේ මුල්ම ජනප්‍රියම සිංදුව ලෙස "තාර පැටියා" ගීතය ගායනා කලේය. ඔහු ගීත එකතු (Albums) හතරක් 1977 වනවිට ජනතාව වෙත ඉදිරිපත් කර තිබිණ. ඔහුගේ ජීවිත කාලයේදී කැසට්පට දෙකක් හා CD තැටි දෙකක් අප වෙත දායාද කිරීමට සමත් විය. ඔහුගේ බොහෝ ගීත එක් පුද්ගලයෙක් පමණක් ගායනා කරන 'සෝලෝ' ගණයේ ගීත විය. මේ අතර ඔහු බොහොමයක් ගීත ළමයින්ට උචිත ආකාරයට කර ඇත්තේ ඔහුගේ ජීවන අත්දැකීම පදනම් කරගෙන වීම විශේෂත්වයකි. කල්දේරා මහතා ඔහුගේ දරුවන් මෙන්ම මුණුපුරන් අරමුණු කරගෙන ගායනා කරන ලද ගීතද පවතී.
1979 දී එවකට අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මෙතුමාගේ වාසයට නිවසක් පරිත්‍යාග කරන ලදී. ඒ වගේම 1993 දී කලාකරුවෙකුට ලබාගත හැකි දෙවන විශිෂ්ඨම සම්මානය වන කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලබන ලදී. ඔහුගේ ජීවිත කාලයේදී නොයෙක් විශ්ව විද්‍යල වලින් මෙන්ම විවිධ රාජ්‍ය නොවන ආයතන වලින් ඔහුගේ සරල ගීත පිළිබඳ සතුට පලකොට අගය කිරීම්ද සිදු කර තිබේ.
ඔහුගේ ගීත බොහොමයක් තවමත් ජන සිතන් තුල ලැගුම් ගෙන තිබීම පුදුමයක් නොවේ. කල්දේරා මහතාට දරුවන් සතර දෙනෙක් සිටි අතර ඔහුගේ බිරිඳත් ඔහු මෙන්ම අන්ධ තැනැත්තියකි. රටේ අවාසනාවකට 2004 වසරේ ඔහුට පිළිකාවක් වැළඳී, 2006 ඔක්‍තෝබර් 11 වන දින සදහටම අප අතරින් වෙන් විය. කලා ලෝකයට අගනා මැණිකක් අහිමි වූ බව ඒ වකවානුවේ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඩේලි මිරර් පුවත් පතට (2007) සඳහන් කර තිබිණ.

තොරතුරු විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය ඇසුරිණි .
Comments