2017 වර්ෂයේ හොදම දරු උපත් චායාරූප
- Adminsmulestar Srilanka
- Feb 26, 2017
- 1 min read
අපේ මාතෘකාවෙන් පිට ගිහිල්ල මේ වගේ පොස්ට් එකක් දාන්න හිතුනේ මේ පින්තූර වල තියන සංවේදී බව නිසාමයි. අපි මේ ලෝකෙට ආවේ කොහොමද?, එකට අපේ අම්මා කොච්චර ලොකු වේදනාවක් උහුලන්නට ඇතිද? තාත්තා කොච්චර සතුටු වෙන්න ඇතිද? මේ වගේ ගොඩක් දේවල් අපිට මේ පින්තූර අයෙත් මතක් කරලා දෙනවා.
බොහොමයක් මිනිස්සුන් අද සමාජයේ තියෙන තරගකාරී බව නිසා තමන්ගේ දෙමව්පියන්ට දෙන්න ඕන ආදරය රැකවරණය අමතක කරලා තියනවා. අද වෙනකොට සැලකිය යුතු ප්‍රතිෂතයකින් මහලු නිවාස ප්‍රමාණය ඉහල ගොස් තිබුනත් ඉල්ලුමට සරිලන සැපයුමක් නම් නැති බවයි වාර්තා වෙන්නේ. තමන්ගේ අම්මව තාත්තව මහලු නිවාසෙට ගෙනියන දරුවා දවසක තවත් කාගෙහරි අම්මෙක් තාත්තෙක් වෙනවා කියන යථාර්තය අමතක කරලා තියනවා.
අපි අපේ දෙමව්පියන්ට කොච්චර නම් කරදර කරන්න ඇතිද? අපේ අම්මා අපි නිසා කොච්චර නම් නිදි මරන්න ඇතිද? අපේ තාත්තා අපි නිසා කොච්චර මහන්සි වෙන්න ඇතිද? අපි නිසා එයාල බඩගින්නේ ඉන්න ඇති, හරියට ඇදුමක් ඇන්දේ නැතුව ඇති, අපේ වේදනාවේදී අඩන්න ඇති, අපේ ජයග්‍රහණයන් වලදී සතුටු වෙන්න ඇති. මේ දේවල් අපිට එයාල වෙනුවෙන් කරන්න පුලුවන්ද? මේ දේවල් අපි අපේ හිතින් අහන්න ඕන. මම මෙතන සංවාදයට ලක් කරන උදාහරණ හැමෝගෙම ජිවිතවලට ලැබිල නැති වෙන්න පුළුවන්. එත් තුන්වන ලෝකයේ රටක් විදිහට මේවා අපි බහුතරයක් මුහුණ දෙන අනිත් රටවල සාපේක්ෂව දිලිදුකම හා සබැදි ජිවිත තත්වයන්. පෞද්ගලිකව මමත් ඇතුළුව.
ඉතින් ඔයලට පලුවන් නම් අද ඉදන්වත් ඔයාගේ දවසින් පොඩි වෙලාවක් වෙන් කරලා තමන්ගේ දෙමව්පියෝ ගාවට ගිහිල්ල ඒගොල්ලෝ එක්ක පොඩ්ඩක් ආදරෙන් කතා කරන්න එක එයාලගේ පාලුවට ගිය මහලු දිවියට ගොඩක් ලොකු වින්දනයක් වේවි.
ඒවගේම ඔයාලට ආදරෙන් මතක් කරනවා ඔයාලට පුළුවන් මව්ගුණ ගීත ගයනා කරලා අපේ පිටුවට එවන්න කියලා. වැඩසටහන ගැන වැඩි විස්තර ඔයාලට ලගදීම අපේ facebook පිටුවෙන් බලා ගන්න පුළුවන්.
ඔබත් ඇයගේම සිරුරේ කොටසක්...

ඔහු උසුලන වගකීම...

මේ වේදනාව ඔබ මා වෙනුවෙනුයි..

වේදනාව පැරදු ආදරය....

පින්තූර : Boredpanda වෙබ්පිටුව ඇසුරිණි.
Comments